CRIB යනු කුමක් ද, එහි අරමුණු සහ හැඳින්වීම

This is an article from the series of Clean CRIB Sri Lanka

Clean CRIB Sri Lanka, an online CSR Project to create awareness about CRIB and encourage Sri Lankans to develop good credit culture.

මට පසු ගිය සතියේ Bank එකකදී මගේ යහළුවෙක්ව මුණ ගැහුණා. එයා ඇවිත් හිටියේ Loan එකකට Apply කරන්න. යහළුවා මට කිව්වා එයා රූපවාහිනියක් ගන්න යන්නේ Loan එකකින් කියලා. ඉතින් මම විහිළුවෙන් වගේ ඇහුවා, – අද පාටි වගේ නේද? ඔහු හරිම දුකින් මගේ දිහා හැරිලා මෙහෙම කිව්වා. – නැහැ. මම බැංකු කිහිපයකින්ම උත්සහ කළා. ඒත් මට Loan එකක් ගන්න බැරි වුණා. මට ඇත්තටම හිතාගන්න බැහැ මොකක්ද ඒකට හේතුව කියලා, මගේ හිතේ තියෙන ගෙදරත් තාම හීනයක් වගේ, – ඇයි, ඔයා TV එකක් ගන්න ණයක් ගන්නේ? -මම ඇහුවා.  හැමදාම වගේ මම මගේ ණය ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමයිගෙවන්න යන්නේ, මට මාසික වාරික කීපයක් අතපහු වෙලාතියෙන්නේ, මම මේ Loan එක ලැබෙනකන් ඉන්නේ ඒ ටිකත් ඒකෙන්ම ගෙවලා දාන්න.

ඔබ හිතන්නේ මගේ යහළුවාට වැරදුනේ කොතනද? මම ඔහුට පැහැදිලි කරලා දුන්නා, – මට තේරෙනවා ඇයි දිගින් දිගටම ඔයාගේ Loan Application එක ප්‍රතික්ෂේප වෙන්නේ කියලා. ඔයාට Bad Credit history එකක් තියෙන්නේ. එහෙම වුණාම කිසිම බැංකුවකින් ණය දෙන්නේ නැහැ. ඔයා ක්‍රෙඩිට් කාඩ් කිහිපයකම වාරික අතපහු කරලා තියෙනවානේ. ඔහු මගෙන් මෙහෙම ඇහුවා, – කොහොමද බැංකුව දන්නේ මට වෙන බැංකුවක වාරික අතපහුවෙලා තියනවා කියලා.

බොහෝ දෙනෙක් අනුමාන කරන දෙයක් තමයි, කිසියම් කෙනෙක් ක්‍රෙඩිට් කාඩ් පතක්, එහෙමත් නැත්නම් බැංකු ණයක් ගත්තම ඒ විස්තර අනෙක් බැංකු වලට එළිදරව් වෙන්නේ නැහැ කියන එක. නමුත් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. CRIB එක කියන්නේ ලංකාවේ ණය සහ ණය ලබාදීමේ ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ වන ආයතනයක්. සෑම ණය ලබා දීමේ ආයතනයක්ම, ණයක් අනුමත කිරීමට පෙර ණය ඉල්ලුම්කරුගේ CRIB තත්වය පරික්ෂා කරනු ලබනවා. මෙම ලිපියෙන් අප ඔබව දැනුවත් කරනු ලබන්නේ, CRIB යනු කුමක්ද? CRIB හි අරමුණු මොනවද? CRIB හි පාර්ශවකරුවන් කව්රුන්ද? සහ CRIB මගින්දු සිදු කරනු ලබන ක්‍රියාවන් කවරේද? යන්න පිළිබඳවයි.

CRIB යනු කුමක්ද?

ශ්‍රී ලංකාවේ ණය තොරතුරු කාර්යාංශය පිහිටවනු ලැබුවේ, 1980දශකයේ සිදුවූ ණය අර්බුදයෙන් පසුව විධිමත් ණය කළමනාකරණ යාන්ත්‍රණයක් පිහිටු වීමේ අරමුණිනි. ඒ අනුව පෞද්ගලික සහ රජයේ පාර්ශව වල එකතුවකින් 1980 අංක 18 දරණ පනත යටතේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය ස්ථාපිත කරන ලදී. මෙහි වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකාමහා බැංකුව සතු වන අතර, ඉතිරිය බලපත්‍රලාභී ණය ලබා දීමේ ආයතන සතු වේ. වර්තමානයේ සියලුම බලත්‍රලාභී වාණිජ බැංකු, විශේෂ බැංකු, මුල්‍ය ආයතන, ණය ලබා දීමේ ආයතන මෙන්ම මහා බැංකුව සහ එකී පනත විසින් ණය ලබා දීමේ ආයතන ලෙස ප්‍රසිද්ධ කරනු ලැබූ ආයතන ඇතුළු කොටස් කරුවන්ගේ ප්‍රමාණය 94ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ ණය තොරතුරු කාර්යාංශය රටක ණය සංස්කෘතිය දියුණු  කිරීම උදෙසා ස්ථාපිත කරන ලද දකුණු ආසියාවේ ප්‍රථම ණය තොරතුරු කාර්යංශය වේ.

ණය තොරතුරු කාර්යාංශයේ අරමුණු කවරේද?

ණය තොරතුරු කාර්යාංශය, ශ්‍රී ලංකාවේ ණය ලබාගැනීම සහණය ලබාදීමේ කාර්යයෙහි කොඳු නාරටිය වේ. මුල්‍ය අංශයේ නිසි ක්‍රියාකාරිත්වය දැඩි ලෙස ණය තොරතුරු කාර්යාංශය මත රඳාපවතී. අයහපත් ණය මගින් සමස්ත පද්ධතියේම ක්‍රියාකාරිත්වය සහ පැවැත්ම අනතුරේ හෙලනු ලබයි. වර්තමාන ණය තොරතුරු කාර්යාංශයේ දැක්ම වනුයේ ගනුදෙනුකරුවන්ට හිතැති ණය තොරතුරු සංචිතයක් පවත්වාගෙන යාමයි. එමගින් යහපත් ණය සංස්කෘතියක් සහ පිරිසිදු ණය පද්ධතියක් ගොඩනඟා ගතහැකියි.

යහපත් ණය සංස්කෘතියක් ගොඩනඟා ගැනීම සඳහා, ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය සහ නම යටතේ පවතින ඕනෑම මුල්‍ය ආයතනයකින් ලබා ගන්නා ලද සියලුම මුල්‍ය ලබා ගැනීම් පිළිබඳ තොරතුරු, ණය තොරතුරු කාර්යාංශය මගින් ලබා ගතහැකිය.

ණය තොරතුරු කාර්යාංශයේ පාර්ශවකරුවන් කවරේද?

වර්තමානයේ, සියලුම වාණිජ බැංකු (25), විශේෂ බැංකු (7),ලියාපදිංචි මුල්‍ය ආයතන (45), ලීසිං ආයතන (6), වාණිජ හා වණික් බැංකු , ජාතික සංවර්ධන එකමුතු අරමුදල සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව යනාදි ආයතන ණය තොරතුරු කාර්යාංශයේ ලියාපදිංචි සාමාජිකයින් ලෙස හඳුනාගනු ලබයි. ණය තොරතුරු කාර්යාංශය මගින් ණය ඇගයුම් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඉහත සඳහන් ආයතනයන්ගෙන් ලබා ගන්නා සහ ණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින පාරිභෝගිකයන්ගේ වෙළෙඳ ණය,මුල්‍ය තොරතුරු එක්රැස් කිරීම සහ සැසඳීම සිදු කරනු ලබයි.

ණය තොරතුරු කාර්යාංශය මගින් සිදු කරනු ලබන ක්‍රියාවන් කවරේද?

රට තුළ ණය පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින්, ණය තොරතුරු කාර්යාංශය මගින් තොරතුරු එකතු කිරීමට සහසැසඳීමට අමතරව තවත් කාර්යයන් සිදු කරනු ලබයි.
ඒවා නම්,

  • නවතම තාක්ෂණය යොදා ගනිමින්, කාර්යක්ෂම සහඵලදායි ලෙස සේවා සැපයීම සහ අනෙකුත් අගය එකතු කළ සේවාවන් තම සාමාජිකයින් වෙත ලබා දීම.
  • ණය ඇගයුම් පවරා ගැනීම සහ එවැනි තොරතුරු සඳහා දේශීය සහ විදේශීය ආයතන මගින් කරනු ලබන ඉල්ලීම්වලට සේවාවන් සැපයීම.
  • කොටස්කරුවන්ගේ ණය ලබාදීමේ ආයතන වෙත පර්යේෂණ පවරා ගැනීම් සහ පුහුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • ආර්ථිකයේ සෑම අංශයකටම, විශේෂයෙන් අවිධිමත්  අංශයන්ට ණය බෙදා හැරීම අරමුණු කර ගනිමින්, චංචල දේපල ආරක්ෂණ සහ පොළී ලියාපදිංචි කිරීම සඳහා සුරක්ෂිත ගනුදෙනු සුරැකුම් කාර්යාලයක් පවත්වාගෙන යාම.

ණය තොරතුරු කාර්යාංශය මගින් ගොඩනඟා ඇති සහ ගොඩනගමින් පවතිනු ලබන දත්ත ගබඩාව

ණය තොරතුරු කාර්යාංශය ස්ථාපිත කිරීමට පෙර, ණය ඉල්ලුම්කරුවකුගේ ණය පිළිබඳ ඉතිහාසය දැන ගැනීම සඳහා ණය ලබාදීමේ ආයතන වලට අනෙක් ආයතන වෙත විද්‍යුත් තැපැල් හෝ ලිපි ලිවීමට සිදු විය. මෙය අපහසු ක්‍රිදාමයක් මෙන්ම බොහෝ කාලයක් වැය වන දෙයකි.

වර්තමාන ණය තොරතුරු කාර්යාංශය සතුව ඇති සුවිසල් දත්තගබඩාව නිසා මේ කටයුතු පහසු සහ වේගවත් වී ඇති සේම,සියලූම ණය ලබා දීමේ ආයතන වෙත මෙය ඉතා වටිනා සම්පතක් සේ මෙම දත්ත එකතුවෙහි රඳා පවතී. සෑම ණය ලබාදීමේ ආයතනයක්ම, නිරන්තරයෙන්ම තමන්ගේ ආයතන වලින් ණය ලබා ගන්නවුන්ගේ තොරතුරු ණය තොරතුරු කාර්යාංශය වෙත ලබාදෙයි.

මෙම තොරතුරු සෑම මසකම අවසාන ඉලෙක්ට්‍රොනික හුවමාරු ක්‍රමයක් මගින් එකී ආයතන වල ප්‍රධාන ශාඛාව මගින්යවනු ලැබේ. දැඩි සුරක්ෂිතතාවයක් සහ අවංකභාවයක් පවත්වාගෙන යාමසඳහා, මෙම තොරතුරු ගබඩාව තොරතුරු ආරක්ෂණය,ව්‍යාපාර පද්ධති කළමනාකරණය කිරීම සඳහා වෙළෙඳපොල තුලපවතින විශිෂ්ටතම පද්ධතිවලින් සහ විශ්වසනීය තාක්ෂණ උපක්‍රම වලින් සමන්විත නවතම තාක්ෂණය භාවිත කරමින් පවත්වාගෙන යනු ලබයි.

ණය තොරතුරු කාර්යාංශය සතුව පවතින මෙම තොරතුරු,එහි සාමාජිකයින්ගේ ඉල්ලීමක් මත, ජාතික හැඳුනුම්පත් අංකයහෝ, ව්‍යාපාර ලියාපදිංචි අංකය ලබා දීමෙන් ලබා ගත හැක.ඉතින් ඔබේ සියලුම ණය ගනුදෙනුවල තොරතුරු ආරක්ෂිතව තැන්පත් කර ඇති අතර අවශ්‍යතාවයකදී මුල්‍ය ආයතන වෙතලබා දිය යුතු බව මතකයේ තබා ගැනීම වැදගත් වේ.

ණය තොරතුරු  කාර්යාංශය සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් පහත තොරතුරු භාවිත කරන්න.


ණය තොරතුරු කාර්යාංශය
නො: 25, සර් බාරොන් ජයතිලක මාවත,
කොළොඹ 01
දු.ක : +94 112 131 313
ෆැක්ස්: +94 112 338 259
විද්‍යුත් තැපැල්: info@crib.lk

HSBC Platinum Cash back Card
Saumya Rathnayake

සෞම්‍යා රත්නායක වෘත්තියෙන් දැන්වීම්කරණ ආයතනයක සිංහල පිටපත් රචිකාවියක් වන අතර moneta.lk හි නිදහස් ලේඛිකාවක් ලෙස කටයුතු කරයි. සෑම කාන්තාවක්ම මූල්‍යමය වශයෙන් ස්වාධීන විය යුතුය යන්න විශ්වාස කරමින් moneta.lk හරහා ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය දැනුම ලබාදීමට කටයුතු කරයි.

Leave your comment