ණය තොරතුරු යනු මොනවද සහ ඔබගේ ණය ණය තොරතුරු ලබා ගන්නේ කෙසේද යන්න පිලිබඳ දැනුවත් වෙන්න

This is an article from the series of Clean CRIB Sri Lanka

Clean CRIB Sri Lanka, an online CSR Project to create awareness about CRIB and encourage Sri Lankans to develop good credit culture.

අපගේ පළමු ලිපිය මගින් CRIB යනු කුමක්ද , එහි අරමුණු සහ ක්‍රියාකාරිත්වය කෙසේද යන්න පිළිබඳව ඔබට විස්තර කළෙමු. 1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය යටතේ පිහිටුවන ලද CRIB ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන්නේ යහපත් ණය සංස්කෘතියක් පවත්වා ගැනීමේ අරමුණෙනි. ඔබට අපගේ පළමු ලිපිය මඟහැරුනේ නම් CRIB ආයතනය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා එම ලිපිය බලන්න.

සෑම අයෙක්ම වැටුපට අමතරව යම් මුදලක් ලැබෙන්නේ නම් කැමතිය. අපගේ මුල්‍ය අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා අපට ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවන විට ණය දෙන ආයතනයකින් ණය ලබා ගැනීමට අප කාහටත් සිදු වෙයි. ඔබේ මිතුරෙකුගේ අසල්වැසියෙකු මෝටර් රථයක් මිලදී ගැනීමට මුදල් ප්‍රමාණවත් නොවන නිසා ඔබෙන් ණය මුදලක් ඉල්ලා සිටිනවා යයි නිකමට සිතන්න. ඔහු වසර දෙකක් ඇතුලත වාරික ක්‍රමයට එම ණය මුදල ගෙවා අවසන් කිරීමටද පොරොන්දු වෙනු ඇති. එහෙත් ඔබ ඔබේ මිතුරාගෙන් ඔහුගේ පසුබිම නොදැන මුදල් ලබා දෙන්නේද? නියත වශයෙන්ම ඔබ ඔහුගේ ගෙවීමේ හැකියාව පිලිබඳ සොයා නොබලා මුදල් ලබා නොදෙනු ඇති. ණය ලබා දෙන ආයතනයකින් අප ණය මුදලක් අයදුම් කල විට එම ආයතන සිදුකරනු ලබන්නේද මෙම කටයුත්තමයි. ඔවුන් විසින් අනෙකුත් ආයතන සමග ඔබේ ණය තොරතුරු සහ එහි ඉතිහාසය කෙසේද යන්න විමසා බැලීම සිදු කරයි.

ණය තොරතුරු සැපයීමේදී CRIB හි කාර්යභාරය

CRIB ආයතනය සිය සාමාජික ආයතනවල ණය ගැතියන් හා ණය ගැණුම්කරුවන් සඳහා වෙළඳ, ණය සහ මුල්‍ය තොරතුරු එක්රැස් කිරීම සහ සුචිගත කිරීමේ මධ්‍යගත දත්ත මධ්‍යස්ථානය ලෙස කටයුතු කරයි. මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු, මුල්‍ය සමාගම්, කල්බදු සමාගම් සහ වෙනත් ණය දෙන පාර්ශ්වයන් කීපදෙනකු CRIB හි සාමාජිකයින් වන අතර ඒවායේ ණයහිමියන්ගේ විස්තර නිරතුරුවම යාවත්කාලීන කරයි. CRIB ආයතනය විසින් මෙහෙයවනු ලබන ණය තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය හා ව්‍යාපාර ලියාපදිංචි අංකය භාවිතා කිරීමෙන්, සාමාජිකයන්ගේ ඉල්ලීමක් මත ලබාගත හැකිය.

CRIB දත්තයන්හි ඔබේ නමත් ඇතුළත්ද?

අප බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ CRIB හි සටහන් වන්නේ ණය මුදල් පැහැර හරිනු ලැබූ ණය ගැතියන් පමණක් බවයි. ඔබගේ නම CRIB දත්ත සමුදායේ සටහන්ව තිබුණහොත් බිය නොවන්න. ඔබ ඔබේ නම යටතේ සේවාවක් ඉල්ලුම් කර තිබේ නම්, ඔබ ව්‍යාපාරයක හවුල්කරුවෙකු /අයිතිකරුවෙකු ලෙස හෝ ඔබේ ව්‍යාපාරයේ නමින් කිසියම් සේවාවක් ඉල්ලා තිබේ නම් වෙනත් අයෙකුගේ ඇපකරුවෙකු ලෙස අත්සන් කර තිබේ නම්, ඔබ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙක් ලෙස සමාගම මගින් ඉල්ලුම් කරන ලද ණය සේවාවකට අත්සන් කර තිබේ නම්, බැංකු අයිරාවක් තිබේ නම් හෝ ඔබේ චෙක්පත් ප්‍රතික්ෂේප වී ඇත්නම් CRIB හි ඔබේ නම සඳහන් විය හැකිය.

ණය වාර්තාවක් (CRIB වාර්තාව) යනු ඔබේ ණය ක්ගෙ‍රියාකාරීත්වය, ගෙවීම්වල ඉතිහාසය සහ ඔබගේ ණය ගිණුම්වල වර්තමාන ණය තත්වය විමසා බලනු ලබන්නකි. ඔබ ණය ලබාගත් ආයතනයන්ගේ තොරතුරු CRIB හි දත්ත ගබඩාව අඩංගු වේ:

  • ඔබේ පුද්ගලික තොරතුරු
  • ණය ප්‍රමාණය
  • ණය ලබා දුන් දිනය
  • ආපසු ගෙවීමේ ක්‍රමය
  • ආරක්ෂක තොරතුරු
  • මාසික වාරික
  • මෑතකදී ලබාගත් පහසුකම් පිළිබඳ තොරතුරු
  • හිඟ (ඇත් නම්)
  • ප්‍රතික්ෂේපිත චෙක්පත් විස්තර යනාදිය

ණය වාර්තාව ඔබට ප්‍රයෝජනවත් වේ.

CRIB වාර්තාවේ ඇති වැදගත්කම වන්නේ ණය ලබා දෙන ආයතනවලට නිවැරදි ණය ගනුදෙනුකරුවන් පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවීම මෙන්ම අක්‍රිය අත්තිකාරම් පාලනය කිරීමට හැකි වීමයි. ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයා විසින් ණය අයදුම්පත සහ අවශ්‍ය ලියකියවිලි බාරදුන් සැනින් අදාල මුල්‍ය ආයතනය CRIB ආයතනය මගින් එම පුද්ගලයා පිලිබඳ වාර්තාවක් ඉල්ලා සිටියි. මෙමගින් ණය හිමියන්ටද ප්‍රතිලාභ ලැබේයි. ඔබගේ ණය ලබාගැනීමේ ඉතිහාසය හොඳ නම් ණය ලබාදෙන ආයතන විසින් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප නොකරයි. මේ මගින් ණය ලබාගන්නන්ට, ණය ලබා දෙන්නන්ගෙන් ණය කොන්දේසි ලිහිල් කරන ලෙසද ඉල්ලා සිටිය හැකිය.

ඔබේ ණය තොරතුරු දැන් ලබා ගන්නේ කෙසේද?

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ මෑත කාලීනව සිදුකල දී සංශෝධනවලට අනුව, මහජනතාවට ඔවුන් ඉන්න තැන සිටම තම ණය වාර්තාව ලබා ගත හැකි වේ. මේ සඳහා CRIB වෙතින් ණය වාර්තාවක් හෝ ස්වයං විමර්ෂණ ණය වාර්තාවක් (iReport) ඉල්ලා සිටිය හැකිය.

සාමාන්‍යයෙන් ප්‍රමාද සහිත ගෙවීම් පිලිබඳ සඳහන් අයහපත් ණය වාර්තාවක් ඇති බව දන්නේ නම්, දැන් ඔබට ණය මුදල අයදුම් කිරීමට පෙර CRIB වෙතින් ඍජුවම වාර්තාවක් ලබා ගැනීමේ හැකියාව තිබේ. මෙතුලින් ඔබට ප්‍රතික්ෂේප වීමකින් තොරව ණය මුදලක් අයදුම් කිරීමේ හැකියාව පවතියි. අදාල ආයතනය විසින් ඔබේ ණය වාර්තාව ගෙන එහි ඇති විෂමතා පරික්ෂා කිරීමට පෙර ඒවා නිවැරදී කිරීමට ඔබට හැකි වෙයි. අදාළ ආයතන සම්බන්ද කරගනිමින් ඔබේ වාර්තාවේ ඇති විෂමතාවන් විසඳා දීමට CRIB ආයතනය ඔබට උපකාර කරනු ලබයි. මෙම ක්‍රියාවලිය ” ගැටළු විසඳීම ” ලෙස හඳුන්වයි.

ඔබේ ණය වාර්තාව සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 3.30 දක්වා අංක 148, වොක්ෂෝල් වීදිය, කොළඹ 2 යන ලිපිනයෙහි පිහිටි CRIB ආයතනයෙන් හෝ ඔබේ ලිඛිත ඉල්ලීමක් මත ඕනෑම වාණිජ බැංකුවකින් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර රු.250/- ක මුදලක් ගෙවීමෙන්  IReport එකක් CRIB වෙතින් නිකුත් කරනු ලබයි. වැඩි විස්තර දැනගැනීම සඳහා 011 2131313 යන දුරකථන අංකය ඔස්සේ ඔබට විශේෂ CRIB පාරිභෝගික උපකාරක මධ්‍යස්ථානය වෙත සම්බන්ධ විය හැකිය.

දැන්, ඔබේ CRIB වාර්තාව (iReport) ලබා ගත්තේ නම්, වාර්තාව කියවීමට හා තේරුම් ගැනීමටද දැනගත යුතුයි.එසේනම් අපගේ ඊළඟ ලිපිය තුලින් ඒ පිලිබඳ විස්තර බලාපොරොත්තු වන්න. Moneta.lk සමගින් නිරතුරුවම රැඳී සිටින්න.

HSBC Platinum Cash back Card
Saumya Rathnayake

සෞම්‍යා රත්නායක වෘත්තියෙන් දැන්වීම්කරණ ආයතනයක සිංහල පිටපත් රචිකාවියක් වන අතර moneta.lk හි නිදහස් ලේඛිකාවක් ලෙස කටයුතු කරයි. සෑම කාන්තාවක්ම මූල්‍යමය වශයෙන් ස්වාධීන විය යුතුය යන්න විශ්වාස කරමින් moneta.lk හරහා ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය දැනුම ලබාදීමට කටයුතු කරයි.

Leave your comment