ඔබේ ණය වාර්තාව කියවා අවබෝධ කර ගන්නා ආකාරය

This is an article from the series of Clean CRIB Sri Lanka

Clean CRIB Sri Lanka, an online CSR Project to create awareness about CRIB and encourage Sri Lankans to develop good credit culture.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ මෑතදී සිදුකළ සංශෝධනවලට අනුකූලව, CRIB වෙතින් තම ණය වාර්තාව(iReport) ඕනෑම පුද්ගලයෙකුට ඉල්ලා සිටිය හැකි අතර මේ මගින් ඔබ අනාගතයේ ණය ලබා ගැනීමට සැලසුම් කරන්නේ නම් අදාල ආයතනය මගින් පරීක්ෂා කිරීමට පෙර ඔබට ඔබේ ණය තත්ත්වය පිළිබඳ දැනගැනීමට අවස්ථාව සලසා දෙයි. මේ පිළිබඳ වැඩිදුරටත් දැනගැනීම සඳහා ණය තොරතුරු යනු කුමක්ද? සහ ඔබේ ණය තොරතුරු ලබා ගන්නේ කෙසේද? යනුවෙනු අප පළකර ඇති ලිපිය කියවන්න.

ඔබ ණය දෙන ආයතනයකින් ණය පහසුකමක් ලබා ගැනීමට උත්සාහ කරනවා නම්, ඒක්වරම එය ලබා ගැනීමට ඇති අවස්ථාවන් පිළිබඳ ඔබව දැනුවත් කිරීමට අප කැමැත්තෙමු. ඔබේ ණය ඉල්ලුම්පත ඉදිරිපත් කිරීමට පෙර, CRIB වෙතින් ඔබගේ ණය වාර්තාය ලබා ගන්න. එහි තත්වය යහපත් නොවේ නම් ඔබේ ආපසු ගෙවීමේ පුරුදු ක්‍රමවත් කර ගැනීමටත්, වගකීම් අධීක්ෂණය සහ වාර්තාවෙහි කිසියම් විෂමතාවයක් ඇත්නම් නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙයි.

ඔබේ ඉල්ලීම පරිදි CRIB මගින් නිකුත් කරන ලද iReport ණය වාර්තාව මගින් සාමාන්‍යයෙන් ණය දෙන ආයතනවලට නිකුත් කරනු ලබන සියලුම තොරතුරු ඉදිරිපත් කරයි. IReport හි අන්තර්ගතය කියවීම හා තේරුම් ගැනීම පිළිබඳ මෙම ලිපියෙන් විස්තර කරයි. CRIB වෙබ් අඩවිය තුළින් ඔබට iReport ආදර්ශ ආකෘතියක් දැකගත හැකිය.

ඔබේ iReport කියවන්නේ කෙසේද?

1. වාර්තාවේ ඉහළ කොටස (ශීර්ෂය)

වාර්තාවේ ඉහළ කොටසේ , ඔබේ පරිශීලක හැඳුනුම්පත සහ පද්ධතිය මගින් ලබා දුන් ඔබටම පමණක් සීමා වූ CRIB වාර්තා අංකයක් උත්පාදනය කරයි. ඒමෙන්ම වාර්තාව ලබා ගැනීමේ අරමුණ සහ එය ලබා ගන්නා දිනයද එහි සඳහන් වේ.

2. විස්තර සොයන්න

මෙම කොටසේ ඔබගේ නම, හැඳුනුම් අංකය (ජාතික හැඳුනුම්පත/ගමන් බලපත්‍ර අංකය), ස්ත්‍රී /පුරුෂභාවය සහ තැපැල් ලිපිනය සඳහන් වෙයි.

3. ප්‍රජාතන්ත්‍රවාදී තොරතුරු

පුද්ගලයාගේ නම, හැඳුනුම් අංකය (ජාතික හැඳුනුම්පත/ගමන් බලපත්‍ර අංකය), රියදුරු බලපත්ර අංකය), පුරවැසිභාවය, ස්ත්‍රි/පුරුෂභාවය, උපන් දිනය, විවාහක තත්ත්වය, කලත්‍රයාගේ නම සහ දුරකථන අංකය වැනි ඔබගේ පුද්ගලික තොරතුරු සඳහන් වෙයි.

4. නම සඳහන් කර ඇති විවිධ ආකාර

ඔබ විසින් ඔබේ නම විවිධ අවස්ථාවන්හිදි විවිධ අයුරින් භාවිත කරනු ලබයි. නිදසුනක් වශයෙන්, සම්පූර්ණ නම, මුලකුරු සමග නම හෝ ඔබේ නමේ පිළිවෙළ වෙනස් අයුරින් දක්වනු ලබයි. මෙහිදී CRIB ආයතනය විසින් ඔබේ තොරතුරු හඳුනාගැනීමේ අංකය යටතේ විවිධ ආයතනවල ඉහත කී විවිධ අයුරින් ඔබේ නම සඳහන් වී ඇති ආකාරය හඳුනාගනියි. ඒ් අනුව විවිධ නම් සහ අදාල දිනයන් මෙම කොටසේ සඳහන් වෙයි.

5. ලිපිනයන්හි විස්තර

මෙම කොටසේ ඉහත සඳහන් කළ ණය දෙන ආයතනවල ඔබ දක්වා ඇති අවසන් ස්ථිර ලිපිනයන් 3ක් සහ වාර්තාගත දිනයන් සඳහන් වෙයි.

6. රැකියා විස්තර

රැකියා තත්ත්වය, සේවායෝජකයාගේ නම, වෘත්තිය, ව්‍යාපාර නාමය සහ ව්‍යාපාර ලියාපදිංචි අංකය, ණය දෙන ආයතනවල සඳහන් පරිදි අදාල දිනයන් පෙන්වනු ලැබේ.

7. ඥාති සම්බන්ධතා විස්තර

මෙම කොටසෙහි ඔබට සම්බන්ධ ඕනෑම තනි ව්‍යාපාර / සමාගම් හෝ හවුල් ව්‍යාපාර පිළිබඳ තොරතුරු දක්වයි. ව්‍යාපර නම, ව්‍යාපාර ලියාපදිංචි අංකය සහ සම්බන්ධතාවයේ ස්වභාවය සඳහන් වේ.

8. අනාගත සහ වර්තමාන ණය වගකීම් (ගෙවා නිමකළ ඒ්වා හැර)

මෙම කොටසෙහි ඔබේ වර්තමාන හා අනාගත ණය වගකීම් සහ ඔබ ලබා ගෙන ඇති ණය පහසුකම් පිළිබඳ තොරතුරු පෙන්නුම් කරයි. ඔබ ඇපකරු ලෙස අත්සන් කළ ඒ්වා පිළිබඳවද මෙහි සඳහන් වෙයි. ලබා ගෙන ඇති සම්පූර්ණ ණය පහසුකම්, ණය මුදල් ප්‍රමාණය සහ හිඟ ණය මුදල් ප්‍රමාණය ණයකරු සහ ඇපකරු වශයෙන් වෙන් වෙන්ව සඳහන් වේ. පුද්ගලික / ආයතනික පහසුකම්, ඒකාබද්ධ පහසුකම් සහ ඇපකරු පහසුකම් මෙහි දක්වා ඇති අතර, ඒහෙත් සමථයකට පත් කළ, වසා දමන ලද, පියවීම් සිදු කරන ලද, උසාවි හරහා පියවා අවසන් කර ඇති ඒ්වා පිළිබඳ මෙහි සඳහන් නොවේ.

9. ණය පහසුකම්වල තත්වය (ගෙවා නිමකළ ඒ්වා හැර)

මෙම කොටසෙහි ණයකරුගේ ණය තත්වය පිළිබඳ පෙන්නුම් කරයි. නිදසුනක් ලෙස, එය සක්‍රීයව පවතීද, අවලංගු කර ඇත්ද යනාදිය, සහ (යම් දිනක) හිඟ වී ඇති දින ගණන, මාසයක්, මාස 2ක් හෝ මාස 3 කට වඩා.

10. අගරු චෙක්පත් පිළිබඳ ඉතිහාසය

මෙම කොටසේ චෙක්පත් හරහා ඔබේ ගෙවීම් ඇණවුම් බැංකු විසින් අගරු කරන ලද වාර ගණන සහ එම අගරු චෙක්පත්වල මුළු වටිනාකම සඳහන් වේ. මෙම වාර්තාවේ අගරු චෙක්පත් අංක, චෙක්පත් ප්‍රමාණය, අගරු වූ දිනය සහ හේතුව යනාදි විස්තර සඳහන් තවත් කොටසක් දැකගත හැකිය.

11. ගෙවා නිමකළ ණය පහසුකම් පිළිබඳ සාරාංශය

මෙම කොටසෙහි දැක්වෙන්නේ ණය ගැණුම්කරුවෙකු ලෙස හෝ ඇපකරුවෙකු ලෙස ඔබ විසින් ගෙවා නිම කර ඇති ණය පහසුකම් පිළිබඳව තොරතුරුයි. පසුගිය වසර 5 ක ණය පහසුකම් පිළිබඳ සහ වෙන් වෙන්ව ඒ්වාට අදාල මුදල් ප්‍රමාණයන් දැක්වේ.

12. ගෙවා නිමකළ ණය පහසුකම් පිළිබඳ විස්තර

මෙම කොටසෙහි පසුගිය වසර පහක කාලසීමාව තුළ ගෙවා නිම කළ ණය පහසුකම් පිළිබඳ විස්තර ණය වර්ගය අනුව එනම් ලීසිං, ක්ෂණික ණය ආදී වශයෙන්දක්වා තිබේ. එමෙන්ම නැවත වරක් ගෙවා නිම කළ ණය පහසුකම් පිළිබඳ සම්පූර්ණ මුදල් ප්‍රමාණය යනාදිය ණයකරු සහ ඇපකරු වශයෙන් ඔබේ වාර්තාවෙන් ඉදිරිපත් කරනු ලැබේ.

13. පසුගිය මාස 6 තුළ විමසීම්

පසුගිය මාස 6 ඇතුළත පුද්ගල ණය ලබා දෙන ආයතන මගින් කරන ලද ඉල්ලීම් සහ හේතුව සඳහන් කරන ලද ඉල්ලීම් පිළිබඳ විස්තර මෙම කොටසේ සඳහන් වේ.

14. පසුගිය මාස 24 ඇතුළත ණය ගෙවීම් සහ ණය ඉතිහාසය

මෙම කොටසෙහි පසුගිය මාස 24 ක් තුළදී නැවත ණය ගෙවීමේ රටාව පිළිබඳ සහ හිඟ දින ගණන් පිළිබඳව සඳහන් වෙයි. මෙම කොටසෙහි වර්ණ කේතයන් යොදා ගනිමින් තොරතුරු නිරූපණය කෙරෙන අතර හිඟ දින ගණන 90 වඩා වැඩි නම්, ඒ්වා රතු වර්ණයෙන් සංකේතවත් කරයි.

15. නාමාවලි විස්තරය

මෙම වාර්තාව තුළ භාවිතා කරන ලද සියලු කෙටි යෙදුම් පිළිබඳ විස්තරයක් ඔබට සැපයෙනු ඇත.

මෙම සවිස්තරාත්මක වාර්තාව සැබැවින්ම ඔබට ප්‍රයෝජනවත් වෙයි.එයට හේතුව වන්නේ ඔබේ අයහපත් නරක ණය පුරුදු සහ ඒ්වා CRIB මගින් ලැයිස්තුගත කර ඇති විට, ඔබට ණය පහසුකමක් ලබා ගැනීමේ හැකියාවක් නැති වන බැවිනි. අපගේ ඉදිරි ලිපියෙන් CRIB අපලේඛනගත ලැයිස්තුව යනු කුමක්ද? යන්න පිළිබඳව දැනුවත් වන්න.

HSBC Platinum Cash back Card
Saumya Rathnayake

සෞම්‍යා රත්නායක වෘත්තියෙන් දැන්වීම්කරණ ආයතනයක සිංහල පිටපත් රචිකාවියක් වන අතර moneta.lk හි නිදහස් ලේඛිකාවක් ලෙස කටයුතු කරයි. සෑම කාන්තාවක්ම මූල්‍යමය වශයෙන් ස්වාධීන විය යුතුය යන්න විශ්වාස කරමින් moneta.lk හරහා ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය දැනුම ලබාදීමට කටයුතු කරයි.

Leave your comment