HSBC ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මූල්‍ය ගාස්තු ගණනය කරන්නේ කෙසේද?

ඔබ HSBC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් හිමි අයෙක් හෝ අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් එම ක්‍රෙඩිට් කාඩ් පත සඳහා ගාස්තු ගණනය කරන ආකාරය පිළිබඳ දැනගෙන සිටීම වැදගත්ය. HSBC බැංකුව විසින් ක්‍රෙඩිට් කාඩ්පතෙහි මූල්‍යමය ගණනය කිරීම් සිදු කරන ආකාය පිළිබඳ ඔබ දැනුවත් වී සිටින්නේ නම් ක්‍රෙඩිට් කාඩ්පතේ උපරිම වරප්‍රසාද අත්විඳීමට ඔබට හැකිවෙයි.

ගණනය කිරීම් පිළිබඳ දැනුවත් කිරීමට පෙර, ඔබ මීට පෙර ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත නොකළ අයෙක් නම් හෝ වෙනත් කාඩ්පතක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින්නෙක් හෝ වෙනත් කාඩ්පතකට මාරුවීමට කැමැත්තෙන් සිටින්නෙක් නම් ඔබට සුදුසුම ක්‍රෙඩිට් කාඩ්පත තෝරාගන්නේ කෙසේද? යන ලිපිය කියවා බැලීමෙන් ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳ ඔබට වැඩිදුරටත් දැනුවත් විය හැකිය.

HSBC Platinum Cash back Card

HSBC Platinum Cash back Card

Get the best of both worlds - rebates and rewards.

10% Cashback on everyday spend at all Supermarkets and Fuel stations up to a maximum of Rs.1,000 per month.

ක්‍රෙඩිට් කාඩ්පත් පොළී අනුපාතය – 28% වාර්ෂික
ප්‍රමාද ගාස්තු ගෙවීම් – රු.900.00
ගෙවීමට නියමිත දිනය- 2018 නොවැම්බර් 21
වර්තමාන බිල්පත් ගණනය කළ දිනය – 2018 නොවැම්බර් 2018
පසුගිය බිල්පතෙහි දිනය – 2018 ඔක්තෝබර් 31

අර්ධ ගෙවීම් සඳහා මූල්‍ය ගාස්තු

සාමාන්‍යයෙන් HSBC මූල්‍ය ගාස්තු ගණනය කරන්නේ දෛනිකව සිදු කරන සෑම ගනුදෙනුවක් සඳහාම අදාල ගනුදෙනුව සිදු කළ දිනයේ සිට අවසන් ශේෂය පියවනු ලබන දිනය දක්වා හෝ ඊළඟ බිල්පත ගණනය කරන දිනය දක්වා වන අතර බැංකුව විසින් ලබා දී ඇති පොළි අනුපාතයට අනුවයි. මෙම මූල්‍ය ගාස්තු ඊළඟ බිල්පත් දිනයේදී ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් අය ගර ගැනීම සිදු වෙයි. ගෙවීම්ට නියම කළ දිනයට පෙර ඔබ සම්පූර්ණ මුදල ගෙවන්නේ ඔබ ක්‍රෙඩිට් කාඩ්පත මගින් සිදු කරන ගෙවීම් සදහා කිසිඳු මූල්‍ය ගාස්තුවක් අය කර ගැනීම සිදු නොකරයි. නමුත් මුදල් ලබා ගැනීම් හා මුදල් යැවීම් සදහා ඔබට මූල්‍ය ගාස්තුවක් ගෙවීමට සිදුවේ.

පහත ගනුදෙනු පිළිබඳ සලකා බලමු.

දිනය විස්තරය මුදල
2018 ඔක්තෝබර් 01 ආරම්භක ශේෂය රු. 0.00
2018 ඔක්තෝබර් 05 මිලදී ගැනීම් රු. 21,000.00
2018 ඔක්තෝබර් 18 මිලදී ගැනීම් රු. 20,000.00
2018 ඔක්තෝබර් 31 අවසන් ශේෂය (සම්පූර්ණ හිග මුදල) රු. 41,000.00
2018 නොවැම්බර් 01 ආරම්භක ශේෂය රු. 41,000.00
2018 නොවැම්බර් 10 ගෙවීම් සිදු කළා රු. 15,000.00
2018 නොවැම්බර් 23 ගෙවීම් සිදු කළා රු. 7,000.00

මෙම කාඩ්පත් හිමියා නියමිත දිනට සම්පූර්ණ හිග මුදල ගෙවා නොමැති අතර අර්ධ ගෙවීම් දින දෙකකදී සිදු කර ඇත. එබැවින් බැංකුව විසින් අදාල ගාස්තු ගණනය කිරීම් සිදු කරනු ලබයි. ගාස්තු ගණනය කිරීම් පහත ආකාරයට දැක්වේ.

1. ගනුදෙනු ස්‍රදහා පොළී අනුපාතය ගණනය කිරීම:

A රු. 21,000.00 X 28% /365 X 27 දින (5/10/2018 – 31/10/2018) රු. 434.96
B රු. 20,000.00 X 28% /365 X 14 දින (18/10/2018 – 31/10/2018) රු. 214.79
පොළී සංරචකය 1 = (A + B) රු. 649.75

2.මූල්‍ය ප්‍රකාශනයේ ඇති හිග මුදල සඳහා පොළී ගණනය

C රු. 41,000.00 X 28% /365 X 10 දින (1/11/2018 – 10/11/2018) රු. 314.52
පොළී සංරචකය 2 රු. 314.52

3. ගාස්තු ගෙවීම් සිදු කළ දින සිට ඊළඟ මූල්‍ය ප්‍රකාශන දිනය දක්වා පොළී ගණනය කිරීම.

D රු. 26,000.00 (රු. 41,000.00 – රු. 15,000.00) X 28% /365 X 14 දින (10/11/2018 – 23/11/2018) රු. 279.23
E රු. 19,000.00 (රු. 26,000.00 – රු. 7,000.00) X 28% /365 X 8 දින (23/11/2018 – 30/11/2018) රු. 116.60
පොළී සංරචකය 3 = (D + E) රු. 395.83

4. සියල්ල එකතු කළ විට

සම්පූර්ණ මූල්‍ය ගාස්තු = පොළිය 1 + පොළිය 2 + පොළිය 3 රු. 1,360.10

නියමිත දිනයට පසු සිදු කරන අර්ධ ගෙවීම් සඳහා මූල්‍ය ගාස්තු ගණනය වන ආකාරය

මෙම ගාස්තු ගණනය කිරීම් අදාල වන්නේ ඔබ නියමිත දිනයට පසු ගෙවීම් සිදු කරන්නේ නම්ය. පහත තොරතුරු සලකා බලමු.

දිනය විස්තරය මුදල
2018 ඔක්තෝබර් 01 ආරම්භක ශේෂය රු. 0.00
2018 ඔක්තෝබර් 05 මිලදී ගැනීම් රු. 21,000.00
2018 ඔක්තෝබර් 18 මිලදී ගැනීම් රු. 20,000.00
2018 ඔක්තෝබර් 31 අවසන් ශේෂය (සම්පූර්ණ හිග මුදල) රු. 41,000.00
2018 නොවැම්බර් 01 ආරම්භක ශේෂය රු. 41,000.00
2018 නොවැම්බර් 25 ගෙවීම් සිදුකළා රු. 10,000.00

මෙම උදාහරණයට අනුව පාරිභෝගිකයා විසින් අදාල හිග මුදලෙන් රු. 22,000.00 මුදලක් නොවැම්බර් මස 25 වැනිදා ගෙවා ඇත – ගෙවීමට නියමිත දිනයට එක් දිනකට පසු

1. ගනුදෙනු සඳහා පොළී ගණනය කිරීම

A රු. 21,000.00 X 28% /365 X 27 දින (5/10/2018 – 31/10/2018) රු. 434.96
B රු. 20,000.00 X 28% /365 X 14 දින (18/10/2018 – 31/10/2018) රු. 214.79
පොළි සංරචකය 1 = (A + B) රු. 649.75

2. මූල්‍ය ප්‍රකාශයේ හිග මුදල සඳහා පොළි ගණනය කිරීම:

C රු. 41,000.00 X 28% /365 X 24 දින (1/11/2018 – 25/11/2018) රු. 754.85
පොළි සංරචකය 2 රු. 754.85

3. නොවැම්බර් සම 25 වැනි දින පළමු ගාස්තු ගෙවීමෙන් අනතුරුව ඊළඟ මූල්‍ය ප්‍රකාශන දිනය දක්වා පොළිය ගණනය කිරීම.

D රු. 19,000.00 (රු. 41,000.00 – රු. 22,000.00) X 28% /365 X 5 දින (26/11/2018 – 30/11/2018) රු. 72.88
පොළි සංරචකය 3 රු. 72.88

4. සියල්ල එකතු කළ විට

දැනුම් දීම : නියමිත දිනයට හෝ ඊට පෙර අවම ගාස්තුව ගෙවීම සිදු නොකළේ නම්, ක්‍රෙඩිට් කාඩ්පත සඳහා රු. 900.00 ප්‍රමාද ගාස්තුවක් සහ ඊට අදාළ පොළිය අය කරගනු ලැබේ.

ප්‍රමාද ගාස්තු ගෙවීම් රු. 900.00
සම්පූර්ණ මූල්‍ය ගාස්තු = පොළිය 1 + පොළිය 2 + පොළිය 3 + ප්‍රමාද ගාස්තු ගෙවීම් රු. 2,377.48

මුද්දර ගාස්තු

ඔබ මෙරටින් පිට ගෙවීම් ( අන්තර්ජාල ගෙවීම්) සිදු කරන විටදී අය කරනු ලබන මුද්දර ගාස්තු පිළිබඳ දැනුවත් විය යුතුයි. 2018 ජනවාරි මස 01 වැනිදා සිට මුද්දර ගාස්තු අයවන්නේ ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් මෙරටින් පිට වෙළඳ ආයතන සඳහා සිදු කරන ගෙවීම් සඳහා පමණි. නව මුද්දර ගාස්තුව ලෙස සෑම රු. 1000.00 කටම රු. 25ක් අයවේ.

ඉහත අවස්ථා දෙක සම්බන්ධ තොරතුරු සලකා බලනවිට නියමිත දිනට පෙර සම්පූර්ණ හිඟ මුදල ගෙවීමෙන් ඔබට ක්‍රෙඩිට් කාඩ්පතෙහි වාසි අත්විඳිය හැකි බව ඔබට සරලවම තේරුම් යනු ඇති. ඔබට නියමිත දිනය පෙර මුළු හිග මුදල ගෙවීමට අපහසු නම් මූල්‍ය ගාස්තු අවම කර ගැනීම සඳහා ඔබට හැකි උපරිම මුදල ගෙවන්න.

Saumya Rathnayake

සෞම්‍යා රත්නායක වෘත්තියෙන් දැන්වීම්කරණ ආයතනයක සිංහල පිටපත් රචිකාවියක් වන අතර moneta.lk හි නිදහස් ලේඛිකාවක් ලෙස කටයුතු කරයි. සෑම කාන්තාවක්ම මූල්‍යමය වශයෙන් ස්වාධීන විය යුතුය යන්න විශ්වාස කරමින් moneta.lk හරහා ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය දැනුම ලබාදීමට කටයුතු කරයි.

Leave your comment